සංචාරක කලා රූපය සහ එහි ‌ඓතිහාසික පසුබිම

ඡායාරූප ශිල්පයේ කෙටි නමුත් බලපෑම් සහගත ඉතිහාසය දින ස්ථාන සහ පුද්ගල නාම ඔස්සේ හැදෑරීමකට වඩා එහි බලපෑම් සහගත බව ඉස්මතු වන අයුරින් විමසා බැලීම වඩා ප්‍රයෝජනවත් වනු ඇත. එහි දී අනවශ්‍ය සැරසිලි හලා අත්‍යවශ්‍ය සංකල්ප මතු කරමින් හැකි තාක් දල සරල වර්ග කිරීම් වහල් කර ගනිමින් එය සිදු කිරීම සැබෑ අභියෝගයයි. එවැනි අභ්‍යාසයක්  ඕනෑම ඡායාරූප ශිල්පියෙකුට තම ව්‍යාපෘතිය ගැඹුරින් තේරුම් ගැනීමට ද ඉඩ සලසයි. මෙහි දී පෙර වසර දෙකක රූපාවලෝකන ශාස්ත්‍රීය සංග‍්‍රහයන්ට සැපයූ ලිපිවල කරුණුමය අන්තර්ගතය හැකි තාක් මඟ හරිමින් ඇතැම් සංකල්ප පමණක් මතු කිරීමටත්, සංචාර කරමින් ඡායාරූපකරණයේ යෙදීම පිළිබඳ ව නව සංකල්පමය විමසීමක් කිරීමටත්…